Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දු නෙරපන පාර්ලිමේන්තු කමිටුවට, ඔහුට එරෙහි නඩුව අහන විනිසුරුත් පත් කරලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

”පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව නඩු අහන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාව, ඔහුව පොලිස්පති ධුරයෙන් ඉවත් කරන කමිටුවේ සභාපතිට දාලා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

පොලිස්පතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙලෙස දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව පත්කොට ඇති පාර්ලිමේන්තු කමිටුවට නම්කර ඇති බව මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේ පසුගිය සිකුරාදා පැවැති පාර්ලිමේන්තු විවාදයේදීය.

මෙම ක්‍රම වේදයේ ගැටලුවක් ඇති බවත් සිස්ටම් වෙනස් කිරීමට පැමිණි ආණ්ඩුව අද සිස්ටම් වෙනස් කිරීමේ ක්‍රම වේදයන් නොදැන කටයුතු කරන බවත් ඔහු සඳහන්
කළේය.

නීතියේ විධානය ආරක්ෂා කරනවා කියලා මේ ආණ්ඩුව බලයට ආවේ. පාතාලය එක්ක හැප්පිලා බලමු කියලා කිව්වේ. එහෙම කියපු ආණ්ඩුවට අද පොතාලය මර්දනය කරගන්න බැරිවෙලා තියෙනවා.

අද පාන්දරත් වෙඩි තැබීමක් වෙලා එක් අයෙක් මියගිහින්. ජනාධිපතිතුමා විපක්ෂයේදී කිව්ව නීතියේ ආධිපත්‍ය අද දෝරේ ගලනවා. පාරවල් දිගේ මිනිස්සු වෙඩි තියලා මරනවා. ගල්කිස්සේ පාර අතුගගා හිටපු තරුණයෙක්ට එළව එළව වෙඩි තියලා මැරුවා. අද ගෙවල් ඇතුළට ඇවිදින් මරනවා. ව්‍යාපාරිකයන් මරනවා. කුඩු ජාවාරමත් අද පැතිරිලා. මාස හතක් වෙනවා ආණ්ඩුව අරන්. ජනාධිපතිතුමා තාම හැප්පිලා බලලා නැහැ. පොතාල දෙපැත්ත හැප්පෙනවා. ආණ්ඩුව බලාගෙන ඉන්නවා.

-මව්බිම-

Related posts

සහල් මිල තවත් වැඩිවන ලකුණු

Mohamed Dilsad

பொதுஜன பெரமுனவுடன் இணைந்ததா சுதந்திர கூட்டமைப்பு?

Mohamed Dilsad

IP Neomal Rangajeewa granted bail

Mohamed Dilsad

Leave a Comment