Trending Newsඑසැන පුවත්දේශීය

අගමැති හරිනි මැතිවරණ නීතිය උල්ලංඝනය කරලා..? – සමගි ජනබලවේගය සහ පැෆරල් සංවිධානයෙන් කොමිෂමට පැමිණිලි

නිහඬ කාලය තුළ තම පක්ෂ ආධාරකරුවන්ට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙන ලෙස ඉල්ලා සිටිමින් අගමැතිනි හරිනි අමරසූරිය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අගමැතිනියට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා මැතිවරණ කොමිෂමට මෙම ලිඛිත පැමිණිල්ල භාර දුන් අතර අගමැති හරිනි අමරසූරියට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.

පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රචාරක කාලය 2025 මැයි 3 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, එදින රාත්‍රියේ මොරටුව, තෙලවල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී අගමැතිනිය විසින් නිහඬ කාලය තුළ දුරකථන මාර්ගයෙන් සහ වාචිකව මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන ලෙස මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමට අනුබලදීමේ සිදුවීම පිළිබඳ පැෆරල් සංවිධානය විසින් ද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ.

Related posts

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට

Mohamed Dilsad

දුම්රිය සහ ලංගම විසින් අද සිට සේවයට එන අයට ප්‍රවාහන පහසුකම්

Mohamed Dilsad

Seized narcotics stocks to be destroyed publicly on April 1

Mohamed Dilsad

Leave a Comment