Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 54ක් අත්අඩංගුවට

මෙවර පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගතවූ පැය 24ක කාලය තුළ අපේක්ෂකයන් 8දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඒ අනුව ඊයේ (04) උදෑසන 6 සිට අද (05) උදෑසන 6 දක්වා කාලය තුළ පක්ෂවල ආධාරකරුවන් ද 5දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වේ.

මේ අතර පසුගිය මාර්තු මස 3වනදා සිට අද දක්වා වූ කාලය පුරා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයන් ගණන 54ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම ආධාරකරුවන් ද 204දෙනෙක් අදාළ කාලය තුළ අත්අඩංගුවට පත්ව තිබේ’ මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වාහන 46ක් පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

සබන් මිල වැඩිවුනාද.. .

Mohamed Dilsad

National Buddhist Think Tank meets under patronage of President

Mohamed Dilsad

தம்பியை துஷ்பிரயோகம் செய்த அண்ணன் கைது

Mohamed Dilsad

Leave a Comment