Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාව සහ ජවිපෙ අය, ගතවූ වසර 10 තුළ වැඩවර්ජන 360ක් කරලා

පසුගිය වසර 10ක කාලසීමාව තුළ මෙරට සිදුකෙරුණු වැඩවර්ජන හේතුවෙන් රුපියල් කෝටි 300 ඉක්මවූ මුදලක් අහිමිවී ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කරයි.

එම වසර 10ක කාලය තුළ මෙරට වැඩවර්ජන 386ක් සිදුව ඇති බවත්, ශ්‍රම දින 662,388ක් ‍රටට අහිමිව ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේය. එමෙන්ම, ඔහු සඳහන් කළේ එම වැඩවර්ජන සඳහා සම්බන්ධ වී ඇති සේවකයින් පිරිස 115,356ක් වන අතර, වැඩිම වැඩවර්ජන සංඛ්‍යාවක් ලෙස වැඩවර්ජන 51ක් සිදුව ඇත්තේ 2018 වර්ෂයේදී බවයි.

එම වැඩවර්ජන අතර, අධ්‍යාපන, සෞඛ්‍ය, වතු, ප්‍රවාහන හා ඇඟලුම් යන ක්ෂේත්‍රවල වැඩිම වැඩවර්ජන ප්‍රමාණයක් සිදුව ඇති බවද මහාචාර්යයවරයා කීවේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ විශ්ලේෂකයෙක් කියා සිටියේ මෙකී වැඩවර්ජන 360 හේතුවෙන් රටේ ජාතික ආර්ථිකයට ඍජුව හා වක්‍රව සිදුවූ මූල්‍ය අලාභය, මූල්‍ය පිරිවැය මූල්‍යමය වශයෙන් ගණනය කිරීමට අපහසු මුදලක් වනු ඇති බවයි.

මෙකී වැඩවර්ජන මෙහෙයවීම පසුපස සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සහ එයට සම්බන්ධ වෘත්තීය සමිති බව රටම දන්නා කරුණකි.

Related posts

Special High Court decides to hear case on Gamini Senarath from Oct. 29

Mohamed Dilsad

தற்போது நிலவும் சீரற்ற காலநிலையினால் மீன்பிடியை வாழ்வாதாரமாகக் கொண்டுள்ள குடும்பங்களில் பொருளாதார நெருக்கடி

Mohamed Dilsad

ගත වු පැය 24 තුළ මෙරට කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවේ

Mohamed Dilsad

Leave a Comment