Trending Newsඑසැන පුවත්දේශීය

වාහන අංක තහඩු නිකුත් කිරීම නවතී

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම 28වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නවතා දමා ඇත.

මේ අනුව පැවරීම් සිදුකළ වාහන සහ මුල් වාහන ලෙස ලියාපදිංචි වී ඇති වාහන දහස් ගණනක අංක තහඩු මුද්‍රණය කරගත නොහැකිව අතරමග නැවතී තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

වාහන අංක තහඩු මුද්‍රණය කරන ‌පෞද්ගලික සමාගම හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර ඇති ගිවිසුමක ගැටලුවක් හා එම සමාගමට ලබාදිය යුතු මුදල් නොගෙවීමක් මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ද එම ආරංචිමාර්ග කියා සිටියි.

මීට මාස කිහිපයකට පෙර ද මෙම සමාගම තම ඒකමතික තීරණය මත අංක තහඩු මුද්‍රණය නවතා දමා තිබූ අතර එවක මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ හා ප්‍රවාහන අමාත්‍යංශයේ මැදිහත්වීම මත අංක තහඩු මුද්‍රණ කටයුතු යළි ආරම්භ කිරීමට මෙම සමාගම පියවර ගෙන තිබිණි. මෙවන් තත්වයක් මැද අංක තහඩු මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය සදහා පෞද්ගලික සැපයුම්කරුවෙකු තෝරා පත්කර ගැනීමේ ටෙන්ඩරයද ප්‍රවාහන අමාත්‍යංශය විසින් 28 වැනිදා විවෘත කර ඇත.

මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ගෙන් කළ විමසුමකදී කියා සිටියේ අංක තහඩු මුද්‍රණය කරන සමාගම සමගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ත‌ෙම්න්තුවත් ප්‍රවාහන අමාත්‍යංශයත් සාකච්ඡා කරමින් සිටින බවය.

එෆ්. අස්ලම්

Related posts

2020ல் தொற்றாநோயை 5 சதவீதமாக குறைப்பதே எதிர்காலதிட்டம் – அமைச்சர் டொக்டர் ராஜித சேனாரத்ன

Mohamed Dilsad

Krosa: One dead, 49 injured as tropical storm hits Japan

Mohamed Dilsad

06’வது இடத்தினை பெற்ற கயந்திகா அபேரத்ன

Mohamed Dilsad

Leave a Comment