Trending Newsඑසැන පුවත්දේශීය

මැයි 01 දා මත්පැන් අළෙවිසැල් වසා තැබීම පිළිබඳ දැනුම්දීමක්

මැයි දිනය වෙනුවෙන් දිවයිනේ මත්පැන් හල් වසාතැබීම ගැන සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් අද (30) නිකුත් කළේය.

එම නිවේදනයට අනුව ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට (01) දිනයේ මැයි රැළි පැවැත්වෙන ප්‍රදේශවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මකවන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුෂිත හෝටල් බලපත්‍ර (රැ.බී. 07/ 08, බුටික් විලා බලපත්‍ර ස්ථානවල නේවාසික ආගන්තුක සංචාරකයන් සඳහා පමණක් ) හැර සෙසු සියලුම සිල්ලරට මත්පැන් අළෙවිකිරීමේ බලපත්‍ර ස්ථාන වසා තැබිය යුතුය.

ඒ අනුව එම සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන අද (30) වසනු ලැබූ වේලාවේ සිට මැයි 2වනදා විවෘත කිරීමට නියමිත වේලාව දක්වා වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් දැනුම්දී සිටියි.

Related posts

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සී.අයි.ඩී.යට

Mohamed Dilsad

Watson wins as Thomas misses out on No 1 ranking

Mohamed Dilsad

Live Gaming experience for Sri Lankans with V17 Pro – [IMAGES]

Mohamed Dilsad

Leave a Comment