Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවල සේවක සංඛ්‍යාව 1,156,000ක්

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,150,000 ඉක්මවා ලෙස සටහන්වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය වසරේ සිදු කළ සංගණනයේ මුලික වාර්තාවට අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,156,018ක් බවද එම වාර්තාවේ සඳහන්.

එම සේවකයින්ගෙන් සියයට 50.5ක් පිරිමි පුද්ගලයින් වන අතර කාන්තාවන් සියයට 49.5ක් වන බව සඳහන්. 2016 වර්ෂයෙන් පසුව සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ ආයතනවල සේවකයින්ගේ සංගණනය පසුගිය වසරේ සිදුකෙරිණ.. එහිදී රාජ්‍ය අංශයේ සේවකයින් 938,763 දෙනෙකු සහ අර්ධ රාජ්‍ය අංශයේ 217,255 දෙනෙකු සිටින බවද සඳහන්.

2016 වර්ෂයේ සිදුකළ සංගණනයට අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,119,475ක් වන අතර මෙවර සංගණනයේ දී එම සංඛ්‍යාව 46,543කින් ඉහළ ගොස්තිබේ.

මෙම වාර්තාවට අනුව රාජ්‍ය අංශයෙන් වැඩිම සේවකයින් පිරිසක් මධ්‍යම රජය යටතේ සේවය කරනු ලබන අතර එය සියයට 59.5ක් වන බව සඳහන්.

මෙම සංගණනය සඳහා සියලුම රාජ්‍ය හා ආර්ධ රාජ්‍ය අංශයේ ආයතන ආසන්න වශයෙන් 32,500ක් පමණ සංගණනයට ලක්කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේවෙතත් අර්ධ රාජ්‍ය ආයතනවල අනුබද්ධිත ආයතනවල සේවකයින් සහ යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදා සේවකයින් ද මෙම සංගණනයට ඇතුළත් කර නොමැති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අර්ධ රාජ්‍ය අංශයේ වතු ක්ෂේත්‍රයේ කම්කරුවන් ද මෙම සංගණනයට ඇතළත් නොවන බව සඳහන්.

Related posts

Red-hot Agarwal delighted to cash in on strong form

Mohamed Dilsad

Sri Lanka vs England 2nd Test Day 1: England win toss, elect to bat

Mohamed Dilsad

Litre of 92-Octane petrol up by 3 rupees

Mohamed Dilsad

Leave a Comment