Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන විදිය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත්  කර තිබේ. ඒ අනුව යම් සේවකයෙකු විසින් ඡන්දය ලබාදීමට ඉල්ලීමක් කළ විට ඊට අදාළව සේවායෝජකයා විසින් ප්‍රමාණවත් යැයි සලකනු ලබන පැය දෙකකට නොඅඩු කාලයක් අදාළ සේවකයාට පඩි සහිත නිවාඩුවක් ලබාදිය යුතුයි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සෑම අයෙකුටම ආයතන විසින් නිවාඩු ලබා දිය යුතු බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එසේ ලබාදෙන නිවාඩු කාලසීමාව, අනියම් සේවා නියුක්තිකයින්ට ද ඇතුළුව සියලුම සේවා නියුක්තියන් සම්බන්ධයෙන් වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු අතර, එය සේවා නියුක්තියන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් පිටස්තර විය යුතු බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

සෑම සේවකයෙකුටම ඡන්දය සඳහා නිවාඩු කාලසීමාව, එම සේවකයාගේ කාර්යාලය සහ ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත නිගමනය කළ යුතුය.

ඒ අනුව යම් සේවකයෙකු සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යායුතු දුර කිලෝමිටර් 40 හෝ ඊට අඩු වේ නම් දින භාගයක නිවාඩුවක්ද, කිලෝමීටර් 40-100 අතර වේ නම් දින 1ක් බැගින් ද නිවාඩු හිමි වනු ඇති බව එම නිවේදනයේ සඳහන් වෙයි.

එමෙන්ම කිලෝමීටර් 100-150ත් අතර වේ නම් දින 1 1/2ක නිවාඩුවක්ද කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබා දිය යුතු බවත් එහි සඳහන් ව ඇත.

Related posts

Mosques to proceed with Friday prayers today

Mohamed Dilsad

வனப் பிரதேசத்தை பாதுகாப்பதற்கு இலங்கை அர்ப்பணிப்புடன் செயற்பட்டு வருகின்றது

Mohamed Dilsad

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීමේ වැඩසටහනක්

Editor O

Leave a Comment