ප්‍රමුඛ පුවත 1

ලක්ෂපාන ඇල්ලෙන් පනින ලද කාන්තාවගේ සහ දැරියගේ සිරුර සොයා ගැනේ

(උදයම්,නුවරඑළිය)  –  නෝර්ටන් බ්‍රිජ් ප්‍රදේශයේදී මාස දෙකක් වයසැති දියණිය සමග ලක්ෂපාන දිය ඇල්ලෙන් පහළට පැන අතුරුදන්වූ කාන්තාවගේ සහ එම දැරියගේ සිරුරු  සොයාගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ අද පෙරවරුවේ මෙම සිරුරු සොයාගැනුණු බවයි.

ලක්ෂපාන දියඇල්ලට පහලින් පිහිටි කොත්තැල්ලෙන පෞද්ගලික ජල විදුලි බලාගාරයට ජලය නිකුත් කරන ජල ටැංකියේ ආරක්ෂිත දැලේ පැටලී තිබියදී එම දැරියගේ සිරුර සොයාගෙන ඇති අතර ඇල්ලට පහළ ප්‍රදේශයේ තිබී කාන්තාවගේ සිරුර සොයා ගෙන ඇත.

ටෙබර්ටන් වතු යායේ පදිංචි 29 හැවිරිදි මෙම කාන්තාව තම මාස දෙකක් වියැති බිළිඳිය සමග ඊයේ උදෑසන ගොස් ඇත්තේ රජය මගින් නොමිලේ ලබා දෙන ත්‍රිපෝෂ ලබා ගැනීම සඳහාය.

ඊයේ රාත්‍රී වන තෙක් නිවසට නොපැමිණීම නිසා සොයා බැලීමේදී හෙළිව ඇත්තේ ලක්ෂපාන දිය ඇල්ලට ජලය ගලා එන කැළණි ගංඟාවේ අතු ගංඟාවකට ඇය පැන ඇති බවයි.

නොටන්බ්‍රිජ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

අද සහ හෙට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

ඇමති රිෂාඩ් අම්පාරේ සිද්ධිය ගැන සොයා බැලීමට යයි

Mohamed Dilsad

පූජිතගෙන් ප්‍රකාශයක් ගන්න CID සුදානම්

Mohamed Dilsad

Leave a Comment