ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුර්ණ සහය

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා පුර්ණ සහයෝගය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus මහතා ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට දැනුම් දී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන අතර, එහිදී නව අධ්‍යක්ෂ ජනරාල්වරයා තෝරා පත් කර ගන්නා ලදී. මෙතෙක් අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ කටයුතු කළ වෛද්‍ය මාග්‍රට් චෑන් මහත්මියගේ සේවා කාලය අවසන් විය. නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉතියෝපියා ජාතිකයෙකු වන අතර, එරට රජයේ විදේශ, සෞඛ්‍ය යන අමාත්‍යධූර ද හොඹවා ඇත.
නව අධ්‍යක්ෂ ජනරාල් ධූරය පිළිබඳ ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකාවේ සහයෝගය ද ඔහුට ලැබී ඇත. නව අධ්‍යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හමු වී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද තමන් හමු වූ බවත්, ලක් රජයට සහයෝගය ලබාදීමට තමන් සුදානම් බවත් ය. තම ජයග්‍රහණයට දැක් වූ සහයෝගයට ස්තූතිය පුද කළ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමෙි බලාපොරොත්තුවත් ඇති බව ද ප්‍රකාශ කර ඇත.

Related posts

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පැය 24ම විවෘත කර තැබීමට පියවර.

Mohamed Dilsad

ජනාධිපති කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණයක [PHOTOS]

Mohamed Dilsad

නිශාන්ත සිල්වා රටින් පිටවීමට එරෙහිව CIDයෙන් වාර්තාවක් ඉල්ලයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment