Trending Newsඑසැන පුවත්දේශීය

අධිවේගී මාර්ගවල ගෙවීම් කටයුතු කාඩ්පත් මගින් සිදුකිරීම මේ සතියේ සිට

අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා කාඩ්පත් මඟින් ගණුදෙනු කිරීමේ නියමු ව්‍යාපෘතිය මෙම සතිය තුළ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.. කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරු වල දී ව්‍යාපෘතිය ආරම්භ කිරිමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා debit සහ credit කාඩ්පත් මෙන්ම කිව්.ආර්.කේත මඟින් ගෙවීම් කටයුතු සිදු කිරීමට හැකියාව හිමි වනු ඇත. මෙම නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව මැයි මාසයේ සිට මෙරට සියලු අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් කටයුතු සිදු කිරිමට බලාපොරොත්තු වන බවයි ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ඇමෙරිකාවේ තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළට

Editor O

Indian Prime Minister Narendra Modi arrives in SL

Mohamed Dilsad

Leave a Comment