Trending Newsඑසැන පුවත්දේශීය

බටලන්ද කොමිෂමේ විවාදය අද

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ වීමට නියමිතව තිබේ.

දින දෙකකින් සමන්විත අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. අදාළ කොමිෂන් සභා වාර්තාව පසුගිය මාර්තු මස 14 වන දින පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.

කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් දෙවන දිනයේ විවාදය මැයි මාසය තුළ පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

අද දිනයේ මෙම විවාදයෙන් පසුව පාර්ලිමේන්තුව මැයි මස  08 වන දින තෙක් කල් තැබීමට නියමිතය.

Related posts

பிரதமர் வாஜ்பாயின் மறைவுக்கு ஜனாதிபதியும் பிரதமரும் அனுதாபம்

Mohamed Dilsad

දින-පහක් වයසැති බිළිඳකු අලෙවි කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ

Mohamed Dilsad

ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment