Trending Newsඑසැන පුවත්දේශීය

බටලන්ද කොමිෂමේ විවාදය අද

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ වීමට නියමිතව තිබේ.

දින දෙකකින් සමන්විත අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. අදාළ කොමිෂන් සභා වාර්තාව පසුගිය මාර්තු මස 14 වන දින පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.

කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් දෙවන දිනයේ විවාදය මැයි මාසය තුළ පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

අද දිනයේ මෙම විවාදයෙන් පසුව පාර්ලිමේන්තුව මැයි මස  08 වන දින තෙක් කල් තැබීමට නියමිතය.

Related posts

UTV வாசகர்களுக்கு இனிய நத்தார் பண்டிகை வாழ்த்துக்கள் [VIDEO]

Mohamed Dilsad

Cricketer Dimuth Karunaratne to produce before Court today

Mohamed Dilsad

ඇමෙරිකාවේ බද්දෙන්, ශ්‍රී ලංකාවේ ඇඟළුම් සහ රබර් කර්මාන්තය අවධානමේ – ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්යය ඩබ්.ඒ. විජේවර්ධන

Editor O

Leave a Comment