Trending Newsඑසැන පුවත්දේශීය

ට්‍රම්ප් සමග සාකච්ඡා කළ හැකි නායකයෙක් රටට අවශ්‍යයයි – හිටපු, පාර්ලිමේන්තු මන්‍ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ද හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකතනයෙන් සෘජුව ඇමතිය හැකි නායකයෙක් බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ට්‍රම්ප්ට දුරකථනයෙන් ඇමතිය හැකි නායකයන් දැනට සිටින්නේ විපක්ෂයේ බවත්, විපක්ෂයේ නායකයන් බොහෝ පිරිසකට එවැනි පරණ මිත්‍රකම් යාළුකම් තිබෙන බවත් එවැනි මිත්‍රකම් යාළුකම් පාවිච්චි කර පසුගිය කාලයේදී ලොකු වැඩ කරගත් බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ධ පැනවීමෙන් ඇතිවූ ගැටලුව විසඳා ගැනීමට එරටේ නායකයන් සමඟ සෘජුව සාකච්ඡා කිරීමට පරිණතභාවය ඇති කණ්ඩායමක් පත් කරන්නැයි තමා රජයට යෝජනා කරන බවයි ඔහු පවසන්නේ.

මෙවැනි ප්‍රශ්න ඇතිවන අවස්ථා වලදී ලෝකයේ සමහර නායකයන් දුරකතනයෙන් අදාළ නායකයන් අමතා ගැටලු විසඳා ගත් බවද ඔහු වැඩිදුරටත් පෙන්වාදෙනවා.

Related posts

New Mexico compound Judge receives death threats

Mohamed Dilsad

Yemeni army forces begin military operation to liberate west Taiz

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ඇසුරු කල 2210 ක් ගැන තොරතුරු

Mohamed Dilsad

Leave a Comment