Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ කුරුණෑගල, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

Asylum seeker found dead in Negombo

Mohamed Dilsad

“Will uncover truth behind white van drama” – Defence Secretary

Mohamed Dilsad

Sivajilingam resigns from TELO

Mohamed Dilsad

Leave a Comment