Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සිංහල අලුත් අවුරුද්දට සුරසැල් වසා තබන දින මෙන්න

සිංහල අලුත් අවුරුද්ද හේතුවෙන්, සුරාසැල් වසා තැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, අප්‍රේල් 13 සහ 14 යන දෙදින දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් මත්පැන් හල් වසා තැබිය යුතු බවයි, එම නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම, 2025.04.13 දින සිට 2025.04.14 දින දක්වා සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුන ට ඉහළ සුරා බදු රු. බී 07 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍රලත් ස්ථානවල නේවාසිකව රැඳී සිටින විදේශීය සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට හැකියාව පවතී.

මෙම කාල සීමාව තුළසිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත කෙටි අංකය වන 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව වෙත විවෘතව ඇ‍ති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Related posts

Bail granted to suspects at Wellampitiya factory to be investigated

Mohamed Dilsad

மஹிந்தவுக்கு எதிரான வழக்கு 10 ஆம் திகதி

Mohamed Dilsad

Elections Commission to protect voter rights of new voters

Mohamed Dilsad

Leave a Comment