Trending Newsඑසැන පුවත්දේශීය

රට හදන්න පන්සලේ දායක සභාවේ බලයත් ඕන යැයි මාලිමාව ළඟදිම කියාවි – තිස්ස අත්තනායක

රට හදන්න මාස හයකට බලය ඉල්ලූ ආණ්ඩුව දැන් රට හැදීමට පළාත් පාලන ආයතන බලයත් ඉල්ලමින් ඇතැයි සමගි ජනබලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.සමගි ජන බලවේග මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

පළාත් පාලන ආයතන නැතිව රට හදන්න බැරි යැයි කියන ආණ්ඩුව ඉදිරියේ දී රට හැදීමට සමූපකාරයේ බලය, ග්‍රාම සංවර්ධන සමිතියේ බලය සහ පන්සලේ දායක සභාවේ බලය ද ඉල්ලා සිටිනු ඇතැයි ඔහු ප්‍රකාශ කරයි. ආණ්ඩුවේ මෙම හැසිරීම විහිළුවක් බව තිස්ස අත්තනායක සඳහන් කරයි.

Related posts

UPDATE: களுத்துறை படகு விபத்துக்கான காரணம் கண்டறியப்பட்டுள்ளது

Mohamed Dilsad

වෛද්‍ය වැඩවර්ජනය අවලංගුයි

Mohamed Dilsad

“Racial discrimination and religious bigotry have no place in Sri Lanka” – Premier

Mohamed Dilsad

Leave a Comment