Trending Newsඑසැන පුවත්දේශීය

හාල් සඳහා ඉතිහාසේ ලොකුම බද්ද, මාලිමා ආණ්ඩුවෙන්: රු. 110 ට ගොඩබාන හාල් කිලෝව විකුණන්නේ 240ට – සමන් රත්නප්‍රිය

පසුගිය ආණ්ඩු, සහල් සඳහා පැනවූ උපරිම බද්ද කිලෝවට රු. 12ක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසයි. කෙසේ වුව ද සමාජවාදී ජනතාවාදී යැයි කියන මාලිමාණ්ඩුව සහල් කිලෝවක් සඳහා රු. 65ක බද්දක් පැනවූ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඉන්දියාවෙන් රු. 110ට ලංකාවට ගොඩබාන ස්වර්ණ සහල් කිලෝවක් රටේ ජනතාවට රු. 240කට මිලට ගැනීමට සිදුව ඇති බවට සමන් රත්නප්‍රිය චෝදනා කරයි.

සහල් පිට රටින් ගෙන එන්නට නම් ජනාධිපතිකම පිටකොටුවේ මුදලාලි කෙනෙකුට දෙන්නැයි කී නායකයන් සහල් කිලෝවට රු. 65ක බද්දක් පනවා ඉන් රු. 55ක් මුදලාලිලාට ලබා දෙන බව ද හෙතෙම සඳහන් කරයි.

රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් හෙතෙම ඒ බව ප්‍රකාශ කළේය.

Related posts

Sweden’s Charlotte Kalla wins first gold medal of Pyeongchang 2018

Mohamed Dilsad

Sri Lanka tea output up in 2017 for first time in 4-years

Mohamed Dilsad

ජනාධිපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

Mohamed Dilsad

Leave a Comment