Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති චන්න ජයසුමනගෙන් ඉල්ලීමක්

දළදා ප්‍රදර්ශනයට වැය කරන මුදල් මියන්මාරයට ලබාදෙන ලෙස, හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා , ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

මියන්මාරයට බලපෑ දරුණු භූමි කම්පාවෙන් පීඩාවට පත්ව සිටින මියන්මාර ජනතාවට සහන සැලසීම සඳහා නුදුරේදී පැවැත්වීමට නියමිත දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් වැය කිරීමට නියමිත මුදල් යොදා ගන්නා ලෙස චන්න ජයසුමන මහතා ඉල්ලා සිටී.

වෛද්‍ය කණ්ඩායමක් පමණක් එරටට පිටත් කර යැවීමට රජය ගෙන තිබෙන තීරණය ප්‍රමාණවත් නොවන බවත්,  බෞද්ධ රටක් ලෙස තවත් බෞද්ධ රටක් වන මියන්මාරය අසීරුතාවයට පත්ව සිටින අවස්ථාවේ වැඩි වශයෙන් උදව් කළ යුතු බවද ජයසුමන මහතා සඳහන් කරයි.

අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් පසු මහ විජයභාහූ (පළමුවන විජයභාහු) රජු මේ රට මුදා ගනු ලැබුවේ, බුරුමයේ (මියන්මාරයේ) අනුරුද්ධ රජුගෙන් ලැබුණු සහාය මත බව ද චන්න ජයසුමන මහතා සඳහන් කරයි

Related posts

ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානයේ සභාපතීත්වය විමල්ට

Mohamed Dilsad

GSP + සහනය මැයි 19 වන දින සිට මෙරටට

Mohamed Dilsad

Demos continue to paralyze Iraq as political factions look for a way out

Mohamed Dilsad

Leave a Comment