Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයට අදාළව අධිකරණ නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීම්වලට අදාළව නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොණු කර තිබෙන පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම හෙට (02) දින තෙක් අත්හිටුවන ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කර ඇත.

නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව කොළඹ මහ නගර සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු විවිධ පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Related posts

අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල මිල යළි ඉහළට

Mohamed Dilsad

இலங்கை முன்னிலைக்கு வர ஓர் அரிய வாய்ப்பு

Mohamed Dilsad

புகையிரத – பேருந்து பணி புறக்கணிப்பினை எதிர்நோக்க தயார்

Mohamed Dilsad

Leave a Comment