Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයට අදාළව අධිකරණ නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීම්වලට අදාළව නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොණු කර තිබෙන පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම හෙට (02) දින තෙක් අත්හිටුවන ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කර ඇත.

නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව කොළඹ මහ නගර සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු විවිධ පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Related posts

වසර 20 කට පසු වායු ගුණාත්මක අගය ඉහළ මට්ටමකට

Mohamed Dilsad

ஸ்மார்ட் போன்களை பயன்படுத்துபவரா நீங்கள்..? காத்திருக்கிறது அதிர்ச்சி

Mohamed Dilsad

சத்தோசவில் விற்பனை செய்யப்படும் பாஸ்மதி அரிசியில் சிக்கல் இல்லை – அமைச்சு

Mohamed Dilsad

Leave a Comment