Trending Newsඑසැන පුවත්දේශීය

චාමර සම්පත් යළි රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර තිබේ. ඒ අනුව මන්ත්‍රීවරයා එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.

නඩු තුනක් සම්බන්ධව පසුගිය 27 වැනිදා අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කළ  මන්ත්‍රීවරයා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක් නඩුවකට අදාළව ඔහුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

ඒ 2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06 ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ තුනකට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධවය.

ඊට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීමෙන් අනතුරුව මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවට අල්ලස් කොමිසම විසින් අධිකරණයේදී කරුණු දක්වනු ලැබීය.

එහිදී එම කරුණු පිළිගත් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය.

Related posts

நியூஸிலாந்துக்கு எதிரான டெஸ்ட் தொடரை திருப்புமுனையாக்கிக் கொள்ள எதிர்ப்பார்ப்பு

Mohamed Dilsad

several vehicles collided on a road in Saudi

Mohamed Dilsad

Tiger Woods in contention at Valspar Championship as Rory McIlroy misses cut

Mohamed Dilsad

Leave a Comment