Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට වගකිවයුත්තන් කණ්ඩායමක් පිළිබඳව ලබන අප්‍රේල් 21 වනදාට පෙර අනාවරණය කිරීමට උත්සාහ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (30) දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

“වංචා දූෂණ පිළිබඳව පමණක් නෙවෙයි අපරාධ පිළිබඳ පවා, පාස්කු ප්‍රහාරය පිළිබඳ පවා, පරීක්ෂණ ඉතා විධිමත්ව දියත් වෙමින් තිබෙනවා. මේ අප්‍රේල් මාසයේ 21වනදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා. බොහෝ දුරට අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරමින් තිබෙනවා අප්‍රේල් 21වනදා පෙර එයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න. කරන්න ඕනෙ නැද්ද ? කරන්න ඕනෙ”

එළඹෙන අප්‍රේල් 21 වනදාට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සිදුවී වසර හයක් සපිරේ.

Related posts

මිනුවන්ගොඩ පොලිසිය අද පස්වරුවේ යළිත් විවෘත කෙරේ

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

අවබෝධයෙන් බොරු කියපු අය ට උත්තර දෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment