Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇතැයි එම අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි.

ජාතික ජනබලවේගයේ ප්‍රවාහන කමිටුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළ බන්දුර දිලීප විතාරණ මහතා නාවල විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්වරයෙක් ලෙස ද කටයුතු කරයි.

බිමල් රත්නායක මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යශයේ විෂය පථයට ඇතුළත් ආයතනවල සභාපති ධුරයෙන් ඉවත්වූ තෙවැනි නිලධාරියා බන්දුර දිලීප විතාරණ මහතා බවත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය රුවන් විජයමුණි සහ ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ රමාල් සිරිවර්ධන යන මහත්වරු මීට පෙර ඉවත්වූහ.

Related posts

“Expedite probe against those in custody over Easter Sunday terror attacks” – President

Mohamed Dilsad

19 ලක්ෂයකට එන්නත් දී අවසන්

Mohamed Dilsad

தொழில் வாய்ப்பை பெற்று தருவதாக கூறி நிதி மோசடி!

Mohamed Dilsad

Leave a Comment