Trending Newsඑසැන පුවත්දේශීය

වාහන ආනයනයට, ඩොලර් මිලියන දෙසීයක ණයවර ලිපි විවෘත කරලා – මහ බැංකු අධිපති

වාහන ආනයනය ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා වූ කාලයේදී ඩොලර් මිලියන 200 පමණ ණයවර ලිපි විවෘත කර ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

මේ වසරේදී වාහන අායනය සඳහා ඩොලර් බිලියනයක පමණ මුදලක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය. ඒ අනුව ඉදිරි මාස නවයක කාලය සඳහා තවත් ඩොලර් මිලියන 800 ක් පමණ වෙන් කිරීමට මහ බැංකුව බලාපොරොත්තු වෙයි.

මෙම මුදල වෙන් කිරීමෙන් මෙරට විදෙස් සංචිතවලට බලපෑමක් ඇත්දැයි දැන්ම පැවසිය නොහැකි බවද හෙතෙම කියා සිටියේය. මහ බැංකුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගම් 04ක් වැඩ වර්ජනය අතහැරියත්, එක් සංගමයක් තවමත් වර්ජනයේ

Editor O

சீகிரியவை பார்வையிட வரும் சுற்றுலாப் பயணிகளின் எண்ணிக்கை படிப்படியாக அதிகரிப்பு

Mohamed Dilsad

Curfew lifted in Chawalakade, Kalmunai, Sammanthurai [UPDATE]

Mohamed Dilsad

Leave a Comment