Trending Newsඑසැන පුවත්දේශීය

සිංහල අලුත් අවුරුද්දට, ලංකා සතොසෙන් රු. 5,000 බඩු මල්ල රු. 2500ට

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය තුළදී සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් ලබා දීම සඳහා 2025 අය-වැය යටතේ ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව රුපියල් 5,000/- ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් ” කාලීන ආහාර පැකේජයක්” රුපියල් 2,500/- ක සහන මිලකට ලබා දීමට සැලසුම් කර ඇත. ඒ සඳහා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කරනු ලැබ ඇති 812,753 ක් වන අයදුම්කරුවන් අතුරින් යෝග්‍ය ප්‍රතිලාභීන් තෝරා ගැනීමට අපේක්ෂා කරනු ලබයි.

ඒ අනුව, 2025-04-01 දින සිට 2025-04-13 දින දක්වා කාලය තුළ රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPFED අලෙවිසැල් මඟින් ආහාර පැකේජය ප්‍රතිලාභීන් වෙත ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.

Related posts

දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

”පොහොසත් රටේ” ලොකු ලූණු කිලෝව රු. 500යි. පොල් ගෙඩිය රු. 220යි.

Editor O

தேசிய மத ஒருமைப்பாட்டு சபையை நிறுவுவதற்கான நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment