Trending Newsඑසැන පුවත්දේශීය

කච්චතිව් දූපත ට අදාළව ඉන්දීයාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

කච්චතිව් දූපත පවරාදීම සම්බන්ධයෙන් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම්වලට එරෙහිව අභාවප්‍රාප්ත හිටපු අභියෝගක පෙත්සම්කරු ලෙස තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි වෙනුවට ඩී. එම්. කේ. පක්ෂ නායක ටී. ආර්. බාලු පත් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ. ඊයේ (25) දිනයේදී මෙම නියෝගය නිකුත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

1974 වසරේ ජුනි මස 26 සහ 28 යන දිනවල ඇති කරගත් ගිවිසුම් සහ 1976 වසරේ මාර්තු 23 වනදා ඇති කරගත් තවත් ගිවිසුමක් හරහා කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට භාරදීමට සම්බන්ධ සන්නිවේදනයන් ව්‍යවස්ථා විරෝධී සහ අවලංගු බවට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මූලික කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකර තිබේ. අදාළ මූලික කරුණු ඉදිරිපත් කිරීම වෙනුවෙන් අගවිනිසුරු සංජීව් කන්නාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කර ඇත. ඒ අනුව අදාළ නඩුව 2025 සැප්තැම්බර් 15 වනදා විභාගයට ගැනීමට අධිකරණය නියෝග කර තිබේ.

Related posts

Wimal appointed Housing, Social Welfare Minister

Mohamed Dilsad

හෙට සිට සතියම පාසල් නිවාඩු

Mohamed Dilsad

புத்தம் புதிய ikmanjobs இணையத்தளம் தொழில் களத்தை மாற்றியமைக்கவுள்ளது

Mohamed Dilsad

Leave a Comment