Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂකයා නම් කරයි.

සමගි ජන බලවේගය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක්වයට ආචාර්ය, වෛද්‍ය රුවේස් හනීෆා මහතා පත්කර ඇත. ඒ මහතාව පත්කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය පවසා සිටියේ, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජීවත්වන සැමගේ බලාපොරොත්තුව සුපිරි දියුණු නගරයක් නිර්මාණය කිරීම බවයි. එම ගමන උදෙසා හනීෆා මහතාව ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, හනීෆා මහතා පොදුජනවාදී වෘත්තිකයකු බවයි. දක්ෂතාව නිපුණතාව හැකියාව කුසලතාව එඩිතරභාවය අධිෂ්ඨානශීලීත්වය ආදී සියලු ගුණාංගයන්ගෙන් ඔහු උගතෙක් බව පැවසීය.

හනීෆා මහතා මීගමුව, අම්පාර හා ශ්‍රී ජයවර්ධනපුර යන රෝහලහි සේවය කළ අයෙකු වන අතර, කැලණිය හා කොළඹ වෛද්‍ය පීඨයන්හි ඉගැන්වීම ද සිදු කරනු ලබයි. පවුල් සෞඛ්‍ය විෂය සම්බන්ධ කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කරන හනීෆා මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ පවුල් සෞඛ්‍ය විෂය ස්ථාපිත කළ ආරම්භක සාමාජිකයෙකුද වේ.

Related posts

Rajapaksas sold off state land to foreigners in mega land deals – Champika

Mohamed Dilsad

Things are so bad in Iraq, protesters are seeing hope in porn star Mia Khalifa – [VIDEO]

Mohamed Dilsad

ரொட்டும்ப அமில மீண்டும் விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment