Trending Newsඑසැන පුවත්දේශීය

උද්දච්ච ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණයේදී වෙන දේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගෙන් ප්‍රකාශයක්

මීට වඩා ලොකු ආණ්ඩු සමඟ හැප්පිලා තියෙන තත්ත්වයක වත්මන් ආණ්ඩුවට මෙවර පළාත් පාලන මැතිවරණයෙන් හොඳ පණිවිඩයක් දීමට හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය. ආණ්ඩුව උදච්චකමින් සිටියද මැතිවරණ ප්‍රතිඵල සමඟ මහ පොළවේ යථාර්තය හඳුනාගැනීමට හැකිවනු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙනුවෙන් නාමයෝජනා භාරදීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

රාජකරුණා මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. ”මීට වඩා ලොකු ආණ්ඩු එක්ක අපි හැප්පිලා තියෙනවා. ඒ නිසා මේගොල්ලෝ මේ උද්දච්චකමට මේ වෙලාවේ මෙහෙම හිටියට මහා පොළවේ යථාර්තය මැතිවරණ ප්‍රතිඵලත් එක්ක තේරුම් ගනී. උද්ධච්චකම තමයි මේගොල්ලන්ගේ පරාජයට හේතුවක් වෙන්නේ. අපිට විශ්වාසයක් තියෙනවා, මේ ආණ්ඩුව කිව්ව, ඒවගේම පහුගිය කාලසීමාවේදී ආණ්ඩුව හැසිරිච්ච ආකාරය පිළිබඳව ජනතාව දෙවතාවක් හිතයි කියල. අපි මේ රටේ ජනතාවගෙනුත් ඉල්ලීමක් කරනවා අපිත් එක්ක එකතු වෙන්න.රැවටීමේ සීමාවක් තියෙනවා. එම නිසා අපි හැමෝම එකතුවෙලා ආණ්ඩුවට පණිවිඩයක් දෙමු.”

මේ අතර සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු නොවුණද බිම් මට්ටමේ එජාප පාක්ෂිකයින් මෙන්ම වෙනත් කණ්ඩායම්වල අයද සමඟි ජන බලවේගය සමඟ එකතු වී සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

Related posts

බහාලුම් 323 නිදහස් කිරීමේ සිද්ධිය ගැන මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක්

Editor O

Three men fined for assault on Sri Lankan Envoy in Malaysia

Mohamed Dilsad

Health Science, a compulsory subject for O/L from 2022

Mohamed Dilsad

Leave a Comment