Trending Newsඑසැන පුවත්දේශීය

දුම්වැටි බදු අයකර ගන්නා ආකාරය නිවැරැදි නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

සිගරට් බද්ද අයකර ගන්නා ආකාරය වැරදි සහගත බව අද (20) පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පිළිගත් මතය වන්නේ එක් සිගරට්ටුවක් විකිණීමේ දී එයට 75%ක බද්දක් අයවිය යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, ඉතා කඩිනමින් සිගරට් බද්ද සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී තීරණයක් ගත යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. “එහෙත් මෙම බද්ද වසර කිහිපයක් තුළ පහළට එමින් තියෙනවා. මොනයම් හෝ හේතුවක් නිසා ආණ්ඩුවට එන ආදායමට වඩා… මොනයම් හෝ හේතුව අපි දන්නවා. චෝදනාවක් එල්ල කරනවා නෙමෙයි නමුත් මේක හරියට විශ්ලේෂණය නොකර ගත් නිසා ආයතනයට ලැබෙන ලාභය අති විශාලයි ආණ්ඩුවට ලැබෙන ලාභයට වඩා. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා සම්පූර්ණයෙන්ම අලුතින් හිතන්න සිගරට්වලට ගහන බද්ද සම්බන්ධයෙන්. ඒකට අපි මෙතෙන සාකච්ඡා කළා. ආණ්ඩුව පෙන්වා දුන්නා උද්ධමනයට තවත් 4%ක් එකතු කරලා තමයි කියලා මේ බද්ද ගහන්නේ. හැබැයි ඒ පැත්තෙන් බැලුවහම අපි පෙන්වා දුන්නා ගිය වසරේ බැලුවහම උද්ධමනය 1.9 නෙමෙයි 1.2යි. එහෙම නම් ඔය බද්ද වැදෙන්න ඕනේ 5.2කට. නමුත් ඔක්කෝටම එක බද්ද ගහනකොට නිරායාසයෙන්ම මෙතෙන විෂමතාවයක් නිර්මාණය වෙනවා. මේ තුළ අලුත් සිගරට් ඉදිරිපත් කරලා ඒවට කට්ටිය අල්ල ගන්නවා. තර්කය තමා එහෙම නැති වුණොත් බීඩි බොන්න ඒ අය උනන්දු වෙනවා කියලා. ඒ නිසා මම යෝජනා කරනවා මුදල් කමිටුව විදියට මම මේක සම්මත කළේ, අයවැය පාස් කරගන්න තියෙන අවශ්‍යතාවය නිසා. නැතුව වෙන දෙයක් නිසා නෙමෙයි. ඒ නිසා අපිත් සහභාගි වෙන්නම් අලුතින්ම සිගරට් බද්ද පැනවීම ගැන අපි තීරණයක් ගත යුතුයි.”

Related posts

කබ්රාල්ට විදෙස්ගත වීම තහනම්

Mohamed Dilsad

Pacific Islands may boycott Rugby World Cup

Mohamed Dilsad

China warns against ‘Cold War’ mindset

Mohamed Dilsad

Leave a Comment