Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල් අයදුම් කිරීම ගැන නිවේදනයක්

2024 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත.  එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා දී ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පාසල්වල විදුහල්පතිවරුන් වෙත අදාළ අයදුම්පත්‍රය ලබා දී ඇති අතර එම අයදුම්පත්‍රය 05 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති වෙතින් ලබාගෙන දෙමාපියන් විසින් නිසි පරිදි  සම්පූර්ණ කළ යුතු වේ. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර විදුහල්පති වෙත නැවත භාර දිය යුතු අතර විදුහල්පති විසින් 2025.03.25 දිනට ප්‍රථම මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමට කටයුතු කල යුතු බවට නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත සුදුසුකම් ලද සිසුන්ගේ දෙමාපියන් වෙත සහ අදාළ විදුහල්පතිවරුන්ට අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

Related posts

ගේම්වලින් ඇති කරන ලද දේශපාලනයෙන් දිගුකාලයක් රැකෙන්නේ නෑ – අනුර කුමාර

Mohamed Dilsad

මැයි 1 සහ 3 විදුලි කප්පාදුවට සිදුවන දේ

Mohamed Dilsad

නවක වද ක්‍රියාකාරකම් නවතා දැමීම සඳහා බුද්ධි අංශවල සහාය

Mohamed Dilsad

Leave a Comment