Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මාස 09ක් කොටුවී සිටි ගගනගාමීන් දෙදෙනෙකු පෘතුවියට ළඟාවෙති

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 9කට වැඩි කාලයක් කොටුවී සිටි නාසා ගගනගාමී සනී විලියම්ස් සහ බුච් විල්මෝර් දෙපළ රැගත් ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානය මෙරට වේලාවෙන් අද (19) අලුයම් කාලයේදී අමෙරිකාවේ ෆ්ලොරිඩා ආසන්න මුහුදට සාර්ථකව ගොඩබැස්වීමට කටයුතු කෙරුණි. ඒ පැය 17ක දිගු ගමනකින් අනතුරුවයි.

සනී සහ බුච් පැමිණි යානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳි සිටි තවත් අමෙරිකානු ගගනගාමියෙක් සහ රුසියානු අජටාකාශගාමියෙක් ද පෘථිවියට පැමිණියේය. ස්පේස් එක්ස් යානය වේගවත් සහ සාර්ථක ගොඩබැස්වීමක් සිදුකළ පසු යානය නැවත ගොඩබිම වෙත ගෙනඒමට ස්පේස් එක්ස් කාර්ය මණ්ඩලය යුහුසුළුව කටයුතු කළේය. එම අවස්ථාවේදී යානය වටා ඩොල්ෆින් රංචුවක් ද සැරිසැරීමට පටන්ගත්තේ කාගෙත් අවධානය දිනාගනිමිනි.

සනී සහ බුච් රැගත් බෝයිං සමාගමේ ස්ටාර්ලයිනර් යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟාවුණේ පසුගිය වසරේ ජූනි මාසයේ දී ය. දින 8ක කාලයක් සඳහා පමණක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගිය ඔවුන්ට මාස 9කට අධික කාලයක් එහි සිරවී සිටීමට සිදුවුණේ ස්ටාර්ලයිනර් යානයේ හටගත් දෝෂයක් හේතුවෙනි.

සනි විලියම්ස් සහ බුච් විල්මෝර්  බෝයිං සමාගමට අයත් ස්ටාර්ලයිනර් යානයක් මඟින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගමන් කළේ එම යානය පරීක්ෂා කිරීමේ අරමුණිනි. ගගනගාමීන් බෝයිං සමාගමේ යානයක් භාවිතයෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වූ පළමු අවස්ථාව ද එයයි.

යානය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමේ දී එහි හීලියම් කාන්දුවක් සිදුව තිබූ අතර යානයේ කොටස් කිහිපයකට ද හානි සිදුව තිබුණි.

මාස 9කට අධික කාලයක් පුරා ගගනගාමීන්ට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිරවී සිටීමට සිදුවුණේ අනුවය.

Related posts

Trump immigration plans: Supreme Court allows curb on migrants

Mohamed Dilsad

Railway Dept. files complaint against trade unions’ token strike

Mohamed Dilsad

தபால் மூல வாக்களிப்புக்கு விண்ணப்பிக்கும் இறுதி தினம் இன்று

Mohamed Dilsad

Leave a Comment