Trending News

නිදහස වෙනුවෙන් භාණ්ඩ රැසක මිල ගණන් පහතට

(UTV| කොළඹ) – 70 වන නිදහස් සැමරුම වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට වාණිජ අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ලංකා සතොස මගින් අලෙවි කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 07 ක මිල ගණන් 70 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් වහාම අඩු කිරීමට පියවර ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව බාස්මතී සහල් කිලෝවක් රුපියල් 120 කටත්, සුදු කැකුළු කිලෝවක් රුපියල් හැටකටත්, කැඩුණු සහල් කිලෝවක් රුපියල් 59 කටත්, පරිප්පු කිලෝවක් රුපියල් 159 කටත් අලෙවි කරනු ඇත.

එමෙන්ම, මුං ඇට කිලෝවක් රුපියල් 195 කටත්, ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 110 කටත්, මිරිස් කරල් කිලෝවක් රුපියල් 220 කටත් ලංකා සතොස හරහා ලබාගැනීමට හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

Plantation Workers Wages: Discussion ended without agreement

Mohamed Dilsad

மக்கள் சாதாரணமான முறையில் அன்றாட நடவடிக்கைகளில்…

Mohamed Dilsad

இலங்கைக்கான ஐரோப்பிய ஒன்றியத்தின் தூதர்கள் – பிரதமர் சந்திப்பு [VIDEO]

Mohamed Dilsad

Leave a Comment