Trending News

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් අනතුරු ඇඟවීමක්

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් කැලණි, කළු, ගිං ගඟේ ජල මට්ටම් ඉහළයමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාය දැනුම් දෙයි.

එබැවින් පහත් බිම් අවට ජනතවටබ් මේ පිලිබඳ අවධානයෙන් සිටිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කැලණි ගඟේ ග්ලෙන් කෝස් ප්‍රදේශයෙන්ද කළු ගඟේ රත්නපුර ප්‍රදේශයෙන්ද ගිං ගඟේ බද්දේගම ප්‍රදේශයෙන්ද  ජල මට්ටම ඉහළ යමින් පවති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී ඇත.

ගාල්ල දිස්ත්‍රීක්කයේ හබරාදූව ප්‍රදේශයේ අතුරු මාර්ග යටවීමක් සම්බන්ධයෙන්ද වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාය සඳහන් කරයි.

ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රීක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන  සමග සම්බන්ධ වෙමින් කටයුතු කරන බව වැඩිදුරටත් කියා සිටියි.

කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රීක්කයේ කඳුකර ප්‍රදේශවල සිටින ජනයා නායයාම් සම්බන්ධයෙන් අවදියෙන් සිටිය යුතු බවත්, එවන් අවදානමක් දැනුණු වහාම 117 දුරකථනවලට දැනුම්දිය යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගස් ඇලවීම්, බොරළු කැට කඩා වැටීම්, දිය සීරා මතුවීම් දැකිය හැකිවීම නායයාම්වල පුර්ව ලක්ෂණ බවත්, එම ලක්ෂණ දුටුවහොත් වහාම එම ප්‍රදේශයෙන් ඉවත් විය යුතු බවත් කොඩිප්පිලි මහතා අවධාරණය කළේය.

 

Related posts

Archbishop refuses to meet Presidential candidates

Mohamed Dilsad

President of Latvia in Sri Lanka on a private visit

Mohamed Dilsad

Sri Lanka to get third International Airport at Hingurakgoda

Mohamed Dilsad

Leave a Comment