ප්‍රමුඛ පුවත 1

ජනපති සහ ඕස්ට්‍රේලියානු අගමැති අතර සාකච්ඡා හෙට

(උදයම්,ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අතර නිල හමුව හෙට(25) පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, එම හමුව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත බවයි.
එම සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ නියෝජිතයින් අතර දිවිපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ඉන් අනතුරුව ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුම් රැසකටද අත්සන් තැබීමට නියමිතව තිබේ.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල සංචාරය සම්බන්ධයෙන් ඕස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් නිවේදනයක් නිකුත් කර ඇත.

ඔහු සඳහන් කරන්නේ, මෙම සංචාරයත් සමඟ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධනය වනු ඇති බවයි.

Related posts

පියසෙන් ගමගේ වැඩ භාර ගනී

Mohamed Dilsad

තේරිම් කාරක සභාවට රාජීත හා නලින්ද එක්වේ.

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

Leave a Comment