Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරයට වසර 06ක් සම්පූර්ණවීමට පෙර සාධාරණයක් ඉල්ලයි.

පාස්කු ප්‍රහාරයට සය වසක් සම්පූර්ණවීමට පෙර ඊට අදාළව සාධාරණයක් ඉටුවනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. කොළඹ අගරදගුරු මැදුරේදී අද (15) පැවති ජන සන්නිවේදන සමුළුවට සහභාගී වෙමින් උන්වහන්සේ පැවසුවේ එසේ සාධාරණය ඉටු නොවන්නේනම් විරෝධතාවලට අවතීර්ණවීමට සිදුවනු ඇති බවය.

“පාස්කු ප්‍රහාරය පිළිබඳව රට පාලනය කළ අය පොරොන්දු දුන්නා. පොරොන්දු දීලා එක පොරොන්දුවක් වත් ඉශ්ට කළේ නෑ.  අපි මේ රජය බලයට පත් කරන්නට කටයුතු කළේ ඒ ක්‍රමවේදය වෙනස් කරන්න. නමුත් ඒ ක්‍රමවේදය වෙනස් වෙන්නේ නැත්නම් අපිට ආපහු සැරයක් හිතන්න වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් අපි තාමත් ඉල්ලා සිටින්නේ එදා කටුවාපිටිය දේවස්ථානයේදී ජනාධිපතිතුමා විසින් දෙන ලද පොරොන්දුව ඉෂ්ට කරන්න, කටයුතු කරන්න හැකි ඉක්මනින්… ඒ නිසා 6 වැනි සංවත්සරයට කළින් අපිට මේ පිළිබඳව යුක්තිගරුක සහ සාධාරණ සංඥාවක් ලැබුණොත් රජයෙන් අපි කැමතියි ඒ ගැන සතුටු වෙන්න. නැත්නම් ඉතිං අපිට සිදුවෙනවා නැවත වරක් පාරට බහින්න”

Related posts

சர்வதேச ஊடக சுதந்திர தினத்தில் மறைந்த ஊடகவியலாளர் நினைவு கூறலுடன் ஊடக அடக்கு முறைகளுக்கு எதிராக ஊடகவியலாளர்கள் போராட்டம் !

Mohamed Dilsad

Human activities should not threaten the regeneration capacity of nature – President

Mohamed Dilsad

බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරය සැළසුම් කළ ප්‍රධාන සැකකරු ඇතුළු පිරිස හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment