Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් උත්සව සඳහා දේශපාලකයන්ට නොයන ලෙස නීතියක් පනවා නැහැ – අගමැති හරිනි අමරසූරිය

දේශපාලඥයන්ට පාසල් උත්සව සඳහා නොයන ලෙස කිසිදු නීතියක් පනවා නැති බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

පාසල් පද්ධතිය දේශපාලනය සඳහා යොදා නොගත යුතු බව පමණක් පවසා ඇතැයිද ඇය පාර්ලිමේන්තුවේදී කියා සිටියාය. එවන් සීමාවක් පනවා නොමැති බවද පැවසන පැවසූ ඇය මාධ්‍ය විසින් වැරදි ලෙස ප්‍රසිද්ධ කර ඇති බවද සඳහන් කළාය.

ඇය මේ බව කියා සිටියේ රජය විසින් පනවා ඇති සීමා කිරීම් නොතකමින් රජයේ මති ඇමතිවරුන් පාසල් උත්සවයට සහභාගි වන්නේ කෙසේදැයි පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරිය පැවසූ බවට පසුගිය සැප්තැම්බර් 26 වෙනි දින අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයකින් සඳහන් කළේ දේශපාලඥයන්ට පාසල් උත්සව සඳහා ගෙන්වීම වහා නතර කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට දන්වන ලද බවයි.

Related posts

ஆசிரியர் பற்றாக்குறையை தீர்க்க கொள்கை ரீதியான தீர்மானம் -ஜனாதிபதி

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාවේ ඡන්ද විමසීම කල් යයි

Mohamed Dilsad

කොළඹ පුරහල ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment