Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුව මාස පහකට රුපියල් බිලියන 5,156 ක් ණය අරගෙන – උදය ගම්මන්පිළ

වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස පහමාරක් වන විට ආණ්ඩුව ලබා ගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,156 ක් වන බවත් මෙම මුදල් වලින් කල කාර්ය භාරය කුමක්දැයි රටට හෙළි කිරීම ආණ්ඩුවේ වගකීම බවත් පිවිතුර හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (10) පිවිතුර හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

අපේ රට ආර්ථික අර්බූදයක හිර වුණේ ගත්තු ණය ගෙවා ගන්න බැරි වීමෙන් කියන එක කවුරුත් දන්නා කරුණක්. එහෙම නම් මෙවර අයවැය කතාව ඉදිරිපත් කරන විට මාලිමා ආණ්ඩුව ණය කෙතරම් ගත්තා ද කියන එක ජනාධිපතිතුමා විසින් රටට හෙලි කරාවි කියලා අපි බලාපොරොත්තු වුණා. නමුත් අවාසනාවට අයවැය කතාවේ එහෙම දෙයක් කිව්වේ නෑ. ඒ නිසා මාලිමා ආණ්ඩුව මොනවා නැතත් ණය ගැනීම නම් ඉහලින්ම කරලා තිබෙන බව රටට හෙලි කිරීම අපේ යුතුකමක්.

2025 මාර්තු 5 වන දා වන විට ඒ කියන්නේ ආණ්ඩුව පත් වෙලා මාස පහමාරක් වන විට ආණ්ඩුව ලබා ගත්තු ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,156ක්. කෝටි වලින් කිව්වොත් රුපියල් කෝටියේ ඒවා 515,600ක්. 2024 වසරේ ආණ්ඩුව රැස් කරපු ආදායම රුපියල් බිලියන 4,000යි. ඒත් මාස පහමාරකට ණය විතරක් අරන් තිබෙනවා රුපියල් බිලියන 5,156ක්.

මේ ණය වලින් රුපියල් බිලියන 3,775ක් ලබා ගෙන තිබෙන්නේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන්. තවත් රුපියල් බිලියන 1,063ක් ලබා ගෙන තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන්. ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 1,084ක් හෙවත් රුපියල් බිලියන 318ක් ණය අරගෙන තිබෙනවා.

මීට අමතරව ආණ්ඩුව ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය අයිරා පහසුකම් ලබාගෙන තිබෙන්න පුළුවන්. ඒ පිළිබඳ තොරතුරු සොයා ගන්න නෑ. ඒ වගේම මේ ණය වලින් සැලකිය යුතු කොටසක් මීට කලින් නිකුත් කරපු භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වලට ගෙවීම් කරන්න යොදා ගන්න ඇති. ඒවා අපි දන්නේ නෑ. මේ සල්ලි වලට මොකද කලේ කියන එක රටට කියන එක ආණ්ඩුවේ වගකීමක්.

Related posts

“Youth defeated MR at the 2015 Election” -Dilum Amunugama

Mohamed Dilsad

කොළඹ නගර සභාවේ බලය විපක්ෂයට

Editor O

දිවිනැගුම ලිත් නඩුවෙන් බැසිල් නිදහස් වෙයි

Mohamed Dilsad

Leave a Comment