Trending Newsඑසැන පුවත්දේශීය

හම්බන්තොට ට, රොකට් ගුවන් ගත කිරීමේ පථයක්…?

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශයක ඩොලර් මිලියන 1.7 ක් වැය කොට රොකට් ගුවන්ගත කිරීමේ පථයක් (Aerospace pad) ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට ඉන්දියාව සහ ජපානය සලකා බලමින් සිටින බව වාර්තා වේ.

මෙම ව්‍යාපෘති සාර්ථක වුවහොත් ලාංකිකයන් 4,000කට පමණ නව රැකියා අවස්ථා ලැබෙනු ඇතැයිද ජපානය මෙම ව්‍යපෘතිය සඳහා කැමැත්ත පළ කර ඇතැයිද වාර්තා වේ.

මීට අදාළ සුදුසුකම් සොයා බැලීම සඳහා ජපන් නියෝජිතකණ්ඩායමක් මෙරටට පැමිණ ඇති බවත් වාර්තා වේ. මේ අනුව ජපාන රජයට අනුබද්ධ ‘ඇස්ට්‍රො ලැබේ’ නමැති අභ්‍යවකාශ රොකට් දියත් කිරීම් ආයතනය මෙම ව්‍යාපෘතිය මෙරට තුළ පිහිටුවීමට සැලසුම් කර ඇත.

එසේම ඉන්දියාවත් හම්බන්තොට තුළ එවැනි ව්‍යාපෘති සඳහා සලකා බලමින් සිටින බවත් වාර්තා වේ. ගුවන් අභ්‍යවකාශ පථ ඉදිකිරීම මඟින් මෙරටට ලැබෙන ආර්ථික වාසිය ඩොලර් බිලියන ගණනක් බව ද අනාවරණය වේ.

හම්බන්තොට, කිරින්ද සහ යාල ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණය අඩු නිසාද මුහුදට ආසන්නව පිහිටා ඇති නිසාද මෙම ප්‍රදේශවල අභ්‍යවකාශය වෙනුවෙන් ආයෝජන කිරීමට එම රටවල් යොමු වී ඇත.

වෙනත් රටවලට සාපේක්ෂව හම්බන්තොට ගුරුත්වාකර්ෂණය අඩු නිසා මෙම ප්‍රදේශ වල මෙහෙයුම් කිරීම යෝග්‍ය බවටත් විශේෂඥයෝ මත පළ කරති.

මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරාය මෙම ව්‍යාපෘති සඳහා සැපයුම්වලට යොදා ගැනීමට නියමිතය.

– මව්බිම

Related posts

பல பிரதேசங்களில் இன்று இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

දළ පුට්ටුවාගේ ඝාතනයට සම්බන්ධ 5 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අද සිට විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ

Mohamed Dilsad

Leave a Comment