Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති මර්වින් සිල්වා අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (05) රාත්‍රී පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට මර්වින් සිල්වා මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

Related posts

බස්රථයක් පෙරළී රියදුරු ජීවිතක්ෂයට

Editor O

බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් පීඩාවිඳින හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ගම්මානවල දුක්ඛිත තත්ත්වය

Mohamed Dilsad

තුන් වන මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment