Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති ලේකම් කාර්යාලයේ අස්ථානගත වූ භාණ්ඩ සම්බන්ධ නඩුවට නියෝගයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා සඳහා නඩුව අගොස්තු මස 06 වැනිදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (05) පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර තිබේ.

මෙම විමර්ශනය සඳහා අස්ථානගත වූ භාණ්ඩ සම්බන්ධයෙන් විමර්ශන කරන බවත්, එම භාණ්ඩ වෙනත් අංශ වෙත ලබා දී ඇද්ද යන්න සහ එම භාණ්ඩවල සත්‍යතාවය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන බවත්, පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

එම ඒකකය අධිකරණයට කරුණු වාර්තා කරමින් දන්වා සිටියේ, මෙම භාණ්ඩ අස්ථාන ගතව ඇති බවට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් යොමු කළ නිර්නාමික ලිපියක් පොලිස්පතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කළ බවය.

Related posts

අද සිට දුම්රියේ වෙන්කළ ආසන ප්‍රවේශපත්‍ර පරීක්ෂාවට

Mohamed Dilsad

Trump begins Supreme Court search to replace Anthony Kennedy

Mohamed Dilsad

பாகிஸ்தான் முதலீட்டாளர்கள் ஜனாதிபதி சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment