Trending Newsඑසැන පුවත්දේශීය

කම්කරු පන්තියේ ආණ්ඩුව, අය-වැය ගැන වෘත්තීය සමිති සමග සාකච්ඡා කර නැහැ – පාඨලී චම්පික

වත්මන් ආණ්ඩුව අයවැය සකස් කිරීමේ දී රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පමණක් කතා කොට තීරණ ගැනීමේ ප්‍රතිඵලය නිසා දුක් විඳීමට සිදුවන්නේ රටේ මහජනතාවට බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංග‍මයේ නියෝජිතයන් සහ එක්සත් ජනරජ පෙරමුණ අතර එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ය.

මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා; “වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපිට පැහැදිලි කළා රජයේ නව අයවැයෙන් සිදු කරපු වැටුප් සංශෝධනය මගින් ඒ අයට සිදුවෙලා තියෙන ගැටළු ගැන. අපිත් සතුටු වෙනවා ඇත්තටම මූලික වැටුප වැඩි කිරීමට රජය ගත්ත තීරණය සම්බන්ධයෙන්. නමුත් රජයේ වෛද්‍ය නිලධාරියා කියන්නේ සාමාන්‍යයෙන් වෙනත් අයෙකුට ඒ රාජකාරී ආවරණය කරන්න බැහැ. ඒ වගේම සෞඛ්‍ය සේවයේ සියලුම සේවක, සේවිකාවන්ගේ කැපවීමෙන් ඉතාම හොඳ මට්ටමකට මේ රටේ සෞඛ්‍ය සේවය ඇවිල්ලා තියෙනවා, යැයි ද කීවේය.

Related posts

President joins the inauguration of Commonwealth Summit

Mohamed Dilsad

Operations at State Institutes to resume as work-to-rule campaign

Mohamed Dilsad

අගෝස්තු 1 සිට විදේශිකයන්ට ගුවන් තොටුපල විවෘත කිරීමේ යෝජනාවක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment