Trending Newsඑසැන පුවත්දේශීය

බුද්ධි අංශයට ආණ්ඩුව කරන දේ ගැන උදය ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

මෙරට බුද්ධි අංශ මාලිමාකරණය කරමින් පවතින බවට පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කර සිටියි.

ඒ මහතා මේ බව සදහන්කර සිටියේ ඊයේ දින (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ පැවසීය.

බුද්ධි අංශ කියන්නේ රටක ඇස් සහ කන්. බුද්ධි අංශ අඩපණ වෙනවා කියන්නේ ජාතියක් අන්ධ භාවයට වගේම බිහිරි භාවයටත් එකවර පත් වෙනවා කියන එකයි. දැන් ත්‍රස්තවාදය ඉවරයි. ඒ නිසා බුද්ධි අංශ තිබුණත් එකයි නැතත් එකයි කියන මානසිකත්වයෙන් 2015 දී බුද්ධි අංශ තලා දැමීමේ අවසන් ප්‍රතිඵලය තමයි පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරය වන බව ඉන්දියානු බුද්ධි අංශ කියන තුරු අපි දැනගෙන හිටියේ නැත්තේ බුද්ධි අංශ තලා දැමූ නිසයි.

දැන් ඉතිහාසයේ කිසිම දවසක නොවුණු අයුරින් එක පැත්තකින් බුද්ධි අංශ දුර්වල කරනවා. අනිත් අතින් බුද්ධි අංශ මාලිමාකරණය වෙනවා. මාලිමාවේ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වන උපේක්ෂා රණසිංහ මහත්මියගේ සැමියා කර්නල් නෙවිල් අත්තනායක පස් වතාවක් විනය චෝදනා වලට ලක් වුණු බුද්ධි බලකායේ ඉන්න කණිෂ්ඨ නිලධාරියෙක්. නමුත් එයාව බුද්ධි අධ්‍යක්ෂ කිරීම සඳහා බුද්ධි බලකායේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරින් 13ක් බුද්ධි බලකායෙන් ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා.

මුලින්ම හමුදා බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දික මහතන්තිල තනතුරෙන් ඉවත් කරලා වගකීමක් පවරන්නේ නැතිව පැත්තකින් තිබ්බා. ඊට පස්සේ බුද්ධි විෂය පිළිබඳ ඉහළම පුහුණුව ලබපු බ්‍රිගේඩියර් ප්‍රබෝධ සිරිවර්ධන තූර්ය වාදක අධ්‍යක්ෂ කලා. දැන් එයා බෑන්ඩ් ගහනවා බලාගෙන ඉන්නවා. ඊ ලඟට බ්‍රිගේඩියර් ශිරාන් අමිත් පුනරුත්ථාපනයට දැම්මා. බ්‍රිගේඩියර් ප්‍රියලාල් ආපදා කලමනාකරණයට දැම්මා. බ්‍රිගේඩියර් කුමාර ව්‍යාපෘති නිලධාරියෙක් කරලා මූලස්ථානයට යැව්වා. බ්‍රිගේඩියර් නුවන් අබේසේකර ව්‍යාපෘති නිලධාරියෙක් කරලා ඉසුරුපායට යැව්වා.

බ්‍රිගේඩියර්ලා ඔක්කෝම යැව්වාට පස්සේ තවත් ජ්‍යෙෂ්ඨ කර්නල්වරු හතක් ඉන්නවා. ඒ අයත් යැව්වා. කර්නල් සේනක මුතුකුමාරණ කොතලාවල ආරක්ෂක පීඨයට යැව්වා. කර්නල් කැළුම් මද්දුමගේ මාණ්ඩලික විද්‍යාලයට යවනවා. කර්නල් මොහොමඩ් අන්සර් බුත්තලට යැව්වා. කර්නල් බුලත්වත්ත මුලතිව් යැව්වා. කර්නල් සාගර කොස්තා කිලිනොච්චියට යැව්වා. කර්නල් ජයන්ත ෂෙල්ටන් හම්බන්තොටට යවනවා. කර්නල් මොහොමඩ් ඉක්‍රම් යුද හමුදා පර්යේෂණ අංශයට යැව්වා.

මේ නිලධාරින් දහතුනම යැව්වත් එක පාරටම කණිෂ්ඨ නිලධාරියෙකු වෙන කර්නල් අත්තනායකට බුද්ධි අංශයට බාර දෙන්න බෑනෙ. ඒ නිසා බුද්ධි ක්‍රියාකාරකම් ගැන කිසිම අත්දැකීමක් හෝ පුහුණුවක් නැති යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මේජර් ජනරාල් දීප්ත ආරියසේන බුද්ධි අධ්‍යක්ෂ කලා. එයාත් මාලිමාව වෙනුවෙන් සමාජ මාධ්‍ය වල පෙනී සිටිමින් හමුදා විනය කඩ කරපු ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක්.

ඉතිහාසයේ කවදාවත් බුද්ධි අංශ මෙහෙම සෝදාපාළුවකට ලක් කරලා නෑ. බුද්ධි අංශ විෂය තේරෙන කිසිම අයෙක් මේ වගේ විනාශයක් කරන්නෙත් නෑ. බුද්ධි අංශ වලට තොරතුරු දෙන අය කරන්නේ පොඩ්ඩ ගැස්සුනොත් ජීවිතය අහිමි වෙන අවදානම් ක්‍රීඩාවක්. ඒ නිසා නන්නාඳුන අයට තොරතුරු දෙන්න ඒ අය පැකිලෙනවා. ජ්‍යෙෂ්ඨ නිලධාරින් තමන්ට තොරතුරු දෙන අය අළුත් නිලධාරින්ට හඳුන්වා දෙන්න යම් කාලයක් ගන්නවා. ඒ නිසා රිලේ දුවනවා වගේ, යන නිලධාරි සහ එන නිලධාරි කෙටි කාලයක් එකට වැඩ කරන්න ඕනි. නමුත් ඒ ක්‍රියාදාමය මේ මාරුවීම් සම්බන්ධයෙන් කෙරිලා නෑ. බුද්ධි අංශ අඩපණ කලොත් මහ විනාශයක් සිදු වෙලා ඊට පස්සේ තවත් අවුරුදු දහයක් මහ මොලකරුවෙක් සොයන්න නාස්ති කරන්න වේවි කියන අනතුරු ඇඟවීම අපි ආණ්ඩුවට කරනවා.

Related posts

1,2558 New Samurdhi beneficiations in Vavuniya District

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කටඋත්තරයක් ලබා දීමට පැමිණේ

Mohamed Dilsad

Lt. Gen. Shavendra Silva appointed as the Army Commander

Mohamed Dilsad

Leave a Comment