දේශීය

තාරුණ්‍යයට හෙටක් නඩුවෙන් නාලක ගොඩහේවා නිදොස් කොට නිදහස් කෙරේ

තාරුණ්‍යය​ට හෙටක් සංවිධානය සඳහා ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ දී රු. ලක්ෂ 50ක් ලබාදීම තුළින් රජයේ මුදල් සාපරාධී පරිහරණය කළ බවට පැවරී තිබූ නඩුවෙන් මහාචාර්ය නාලක ගොඩහේවා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රමාණවත් නොවන බව පවසමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

එමෙන්ම මෙම චෝදනාව එල්ල වී තිබූ විනිමය හා සුරැකම්පත් කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ රොනී ඊබ්‍රහිම් යන අයට ද නිදහස හිමිවී තිබෙනවා.

 

 

Related posts

මාලිගාවත්තේ වෙඩි තැබීමක්

Editor O

සිසුන්ගේ පැමිණීමට පෙර සෑම පාසලකටම ගිලන් කාමරයක්

Mohamed Dilsad

මිද්දෙණියෙන් හමුවූ රසායනික ද්‍රව්‍යවලට අදාළ වාර්තාව නිකුත් ⁣කරයි

Editor O

Leave a Comment