Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාව ආණ්ඩුව බාර ගනිත්දි විදේශ සංචිතය ඩොලර් බිලියන 3.2යි : දැන් ඩොලර් බිලියන 6.8යි. එක මිටට බොරු (නො)කියන නියෝජ්‍ය ඇමති ටී.බී සරත්

ජාතික ජන බලවේගය බලයට පැමිණෙන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක් පමණක් බවත් තම රජය මේ වනවිට එය ඇමරිකානු ඩොලර් බිලියන 6.8ක් දක්වා වර්ධනය කරගෙන ඇති බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“ඇයි මේ ෂෙඩ්වල තෙල් නැතිවෙන්නෙ ? ඕගොල්ලො පෝලිමේ තිබ්බෙ ඇයි ? පොලොන්නරු දිස්ත්‍රික්කෙ එකම ෂෙඩ් එකයි ඊයෙ පෙට්‍රල් ඩීසල් දුන්නැත්තෙ. කාගෙ ෂෙඩ් එකද ? හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මහත්තයාගෙ. ඒ කියන්නෙ ආණ්ඩුව පෙරළන්න, තෙල් ටික නවත්තලා. බලශක්තිය කියන්නෙ ජනතාවට දැනෙන දෙයක්. දැන් මේ 3% ප්‍රශ්නෙ දාගෙන තෙල් නිකුත් කරන්නෙ නෑ කිව්වා. බලපුවාම උදෙන්ම ගිහිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡාව තිබ්බ එකාම තමයි මුලින්ම සපුගස්කන්දෙන් තෙල් ගෙනල්ලා තියෙන්නෙ. මේ මොකක්ද මේ කුමන්ත්‍රණය ? මේ රටේ මහා භාණ්ඩාගාරය ඔබට ඇරපු හින්දා මහා භාණ්ඩාගාරය භුක්ති විඳපු මිනිස්සු ඒකට විරුද්ධයි, මතක තියාගන්න.

කුමන්ත්‍රණකරුවන්ට අහුවෙන්න එපා. ෂෙඩ් එකේ තෙල් නැත්නම් දවසක් ඉවසන්න. තෙල් නැතිව නෙවෙයි පෝලිම එන්නෙ. තෙල් නෑ කිව්ව ගමන් ඔක්කොමලා ගිහිල්ලා තෙල් ගහන්න පටන් ගන්නවා. වෙනදා තෙල් ලීටර් ලක්ෂෙ නම් මෙදා තෙල් ලීටර් ලක්ෂ තුනක් ගහනවා. ඇයි, දවස් තුනකට හතරකට ගහනවානෙ එක දවසෙ. එතකොට ඕනෙම එකක් සිදුවීම් වෙන්න පුළුවන්. ඒක තමයි වුණේ.

තෙල් නැත්තෙ නෑ, ඕනෙ තරම් තෙල් තියෙනවා. මාස හයකට ලංකාවෙ තෙල් තියෙනවා බයවෙන්න එපා. ගේන්න සල්ලිත් තියෙනවා. සල්ලි නෑ කියලද, සල්ලි තියෙනවා. මතක තියාගන්න, අපි එනකොට ලංකාවේ විදේශ සංචිත ඇමරිකන් ඩොලර් බිලියන 3.2 යි. දැන් ඒක 6.8 දක්වා විතර වර්ධනය වෙලා තියෙන්නෙ. මේ අවුරුද්ද අවසන් වෙනකොට බිලියන 10 කට වඩා අපි හොයාගත්තොත් අපි ලෝකෙ ඕනෙම රටකින් බය නැතිව ණයට බඩු ගන්න පුළුවන් රටක්. තෙල් තියෙන රටකට ගිහින් මාස හයකට සල්ලි දීලා අපට මෙච්චරක් දෙන්න කිව්වොත් දෙනවා. ඇයි, අපි ඇමරිකන් ඩොලර් බිලියන 8 ඉක්මවා ගියපු රටක්. ඒ නිසා එතෙන්ට යනවා. බයවෙන්න එපා”

මෙම ප්‍රකාශය අසත්‍යයක් වන අතර ජාජබ බලයට පැමිණි 2024 සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරට විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 5.992ක් වශයෙන් පැවතුණි. 2024 ඔක්තෝබර් මාසය අවසන් වනවිට එය ඩොලර් බිලියන 6.467ක් දක්වා ඉහළ ගිය අතර 2025 ජනවාරි මාසය වනවිට එය ඇමරිකානු ඩොලර් බිලියන 6.060 ක් දක්වා යම් මට්ටමකින් අඩුවී ඇත. එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි මාස හයකට අවශ්‍ය තෙල් සංචිත ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් ද මෙරටට නැත.

– LNW

Related posts

ජලාශවල ජල මට්ටම අඩු කිරීමේ තීරණයක්..!

Editor O

Kalutara Prison Bus Carnage: Police after ‘Angoda Lokka’ and Madusha

Mohamed Dilsad

Sri Lanka business registrations can now be done from home

Mohamed Dilsad

Leave a Comment