Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ බොරු කීම වැළැක්වීමට නාමල් රාජපක්ෂගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වැළක්වීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් එය නතර කිරීම සඳහා තමන් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙන එන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, එම යෝජනාව සඳහා අසත්‍ය ප්‍රකාශ සිදුකරනවාට අකමැති සියලුදෙනා ඡන්දය භාවිතා කරනු ඇති බවය.

“පාර්ලිමේන්තුව ඇතුළේ අසීමිත විදියට බොරු කියනවා. මොකද ඒ වරප්‍රසාදයක් දීලා තියෙන නිසා. ඒක දීලා තියෙන්නේ ජනතා ප්‍රශ්න ඇති සැටියෙන් කියන්න මිසක් බොරු කියන්න නෙමෙයි. එය වෙනස් විය යුතුයි. ඒක අවභාවිත කරනවා නම්, ඒ සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරි ගෙනල්ලා ඒක වෙනස් කරන්න කටයුතු කරනවා. අපි බලමු පාර්ලිමේන්තුවේ බොරු කියනවා ට 225න් කී දෙනෙක් විරුද්ධ ද කියලා. අපි ඇත්ත කතා කරනවා නම් අපිට ඒ අයිතිය ඕනේ නෑනේ. මට ඕනේ නෑ. මම පාර්ලිමේන්තුවේ දීවත් එළියේවත් මම නොකරපු දෙයක් කියන්නෙත් නෑ, කරන්න බැරි දෙයක් කියන්නෙත් නෑ සහ තව කෙනෙක්ගේ චරිතය මම ඝාතනය කරන්නෙත් නෑ. ජනතාව මුලා කරන අය මේකට විරුද්ධ වෙයි.”
 

Related posts

කොවිඩ් – 19 අරමුදලේ ශේෂය මිලියන 900 ඉක්මවයි

Mohamed Dilsad

හෙළ උරුමයේ සහය සමගි ජන බලවේගයට

Mohamed Dilsad

නිරෝධායනය වූ තවත් පිරිසක් නිවස් වෙත

Mohamed Dilsad

Leave a Comment