Trending Newsඑසැන පුවත්දේශීය

”එල්” බෝඩ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වෙන්න අදහසක් නැ – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

එල්බෝඩ් කාරයන් සමග කාලය ගත කිරීමට ෆෙරාරි ලයිෂන් ඇති අය කැමති නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේදැයි මාධ්‍ය විසින් කළ විමසීමකදීය.

එල් බෝඩ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරෙකු වීමට කිසිම අදහසක් තමාට නැති බවද පැවසූ ඔහු ඒ බව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩයට දැනුම දුන් බවද පැවසුවේය. ඔහු මේ බව කියා සිටියේ කොළඹදී මාධ්‍යවේදී කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

බංකොලොත් වූ අවස්ථාවේ රට භාරගෙන එම අභියෝගය සාර්ථකව ඉටුකිරීම සම්බන්ධයෙන් තමන්ට නිහතමානී සතුටක් ඇති බවද පැවසූ වික්‍රමසිංහ මහතා ජනතාව රටේ වගකීම නව කණ්ඩායමකට පවරා ඇති බවත් ඔවුන් එම වගකීම නිසි ලෙස ඉටු කළ යුතුව ඇති බව තව දුරටත් කියා සිටියේය.

Related posts

Indonesian President to meet Prime Minister today

Mohamed Dilsad

කොස්ගොඩ වෙඩි තැබීමක්

Editor O

அமைச்சர் ரவி கருணாநாயக்கவுக்கு எதிராக வழக்குத் தாக்கல்

Mohamed Dilsad

Leave a Comment