Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ගිවිසුමකට අත්සන් තියන්න ධවල මන්දිරේට පැමිණි සෙලෙන්ස්කිට පුටින්ගෙන් දොස්

යුක්රේනයේ ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන්, ඇමෙරිකාව සමඟ ගිවිසුමකට අත්සන් තැබීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ධවල මන්දිරයට පැමිණ තිබේ. එහිදී ධවල මන්දිරයට පැමිණි යුක්රේන ජනාධිතිවරයා උණුසුම් අයුරින් පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

පසුව, ධවල මන්දිරයේ ඔවල් කාර්යාලයේ දී ට්‍රම්ප් සහ සෙලෙන්ස්කී අතරේ සාකච්ඡා පැවැත්වුණු අතර, ඇමෙරිකන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද ඊට එක් විය. රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් වී සිටින අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී, සෙලෙන්ස්කි, ට්‍රම්ප් සහ ජේ.ඩී. වැන්ස් උණුසුම් වාදයකට පැටලුණාහ.

බයිඩන් පරිපාලනය දිගින් දිගටම අවි ආයුධ සහ මුදල් දෙමින්, යුක්රේනයට ආධාර කිරීමෙන් රුසියන් යුක්රේන යුද්ධය ඔඩුදුවා ඇති බවත්, තෙවැනි ලෝක යුද්ධයක් ඇති වීම වළක්වමින්, තමන් හඳුන්වා දී ඇති සටන් විරාම සාම වැඩපිළිවෙළට එක් වන ලෙසත් ට්‍රම්ප් සහ වැන්ස් දෙදෙනා සෙලෙන්ස්කිට බල කරන්න වූහ.

සෙලෙන්ස්කී කරුණු පැහැදිලි කිරීමට උත්සාහ ගත්තත්, මට උපදෙස් දෙන්න ඔබට අයිතියක් නැතැයි කියමින්, ජනපති ට්‍රම්ප්, සෙලෙන්ස්කී කී කිසිවකට ඇහුම්කන් දීමට ඉදිරිපත් වූයේ නැත. අවසානයේ ට්‍රම්ප් සෙලෙන්ස්කී සහ ඔහු සමඟ පැමිණ සිටි යුක්රේන නියෝජිත කණ්ඩායම ධවල මන්දිරයෙන් නෙරපා දැමීමටත්, ඇමෙරිකාවෙන් වහා පිටවන ලෙසත් දැනුම් දුන් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

තමන් සමඟ එකට එක කීමට උත්සාහ ගැනීමෙන් සෙලෙන්ස්කී තමන්ටත්, ඇමෙරිකන් පුරවැසියන්ටත් අගෞරව කළේ යැයි ට්‍රම්ප්, සෙලෙන්ස්කීට දොස් නගා ඇත. මේ අතර, ධවල මන්දිරයේ ඔවල් කාර්යාලයේ දී ට්‍රම්ප් සමග එකට එක කියමින්, ට්‍රම්ප්ට අපහාස කළ සෙලෙන්ස්කී ‘මෝඩයකු’ බව රුසියාව පවසා ඇත.

Related posts

தேசிய இளைஞர் சேவைகள் மன்றத்தின் மட்டக்களப்பு மாவட்ட அலுவலகம்

Mohamed Dilsad

சமாதானம் நிலவும் நாடுகளின் வரிசையில் இலங்கைக்கு 2 ஆவது இடம்

Mohamed Dilsad

රට විනාස කරන පුද්ගලයන් සමග එකතු වෙන්නේ නැහැ – සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment