Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් – සජිත් සාකච්ඡාවල අලුත්ම තත්ත්වය

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඉදිරි සාකච්ඡා සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව සිදුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී ගැනීමට නියමිතය.

පසුගිය බදාදා දිනයේ අදාළ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණද එදින නිවාඩු දිනයක් බැවින් එම රැස්වීම නොපැවැත්විණි. ඒ අනුව ඉදිරි දිනකදී මෙම කළමනාකරණ කමිටු රැස්වීම පැවැත්වීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා වට කිහිපයක් පැවතියද ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී අවසන් එකගතාවයකට පැමිණ නොතිබිණි. දෙපාර්ශ්වයේම පක්ෂ නායකයන්ගේ අවසන් එකඟතාවයක් නොමැතිවීම හේතුවෙන් මෙම සාකච්ඡා ද මේ වනවිට තාවකාලිකව අතරමග නතරවී තිබේ.

කෙසේවෙතත් දෙපාර්ශ්වයේම පාක්ෂිකයන්ගේ අදහස වී ඇත්තේ එළඹෙන මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධව තරග කළහොත් දේශපාලන වශයෙන් වැඩි වාසි ලබාගැනීමට හැකියාව පවතින බවය.

Related posts

ගැටළු සඳහා වහාම කඩිනම් පියවර – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Change in prevailing dry weather expected

Mohamed Dilsad

பெட்ரோல் விலை உயர்வு

Mohamed Dilsad

Leave a Comment