Trending Newsඑසැන පුවත්දේශීය

අය-වැයෙන් යෝජනා කළ වැටුප් වැඩිවීම දෙන්න බැහැ – පෞද්ගලික අංශ ව්‍යවසායකයෝ

අය-වැය මඟින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය යෝජනා කළ ද එලෙස වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසනවා. ව්‍යාපාරිකයින්ට බංකොලොත් වූ සිය ව්‍යාපාර නඟාසිටුවීම සඳහා කාලයක් අවශ්‍ය බවයි, එහි සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය සඳහන් කළේ.

“අපි ඔබතුමන්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ අයවැයක” දාන දත්ත ටිකක් නෙමෙයි. කළ හැකි යම්කිසි වැඩපිළිවෙලක්. රජයේ සේවකයින්ට පඩි වැඩිකරලා දීලා තියෙනවා. ඒක ඇත්තටම හොඳ කාරණයක්. ඒකම පෞද්ගලික අංශයට කරන්න කිව්ව ගමන්ම නිකන් කල්පනා කරන්න රු 21,000ක පඩිය අපේ රු 27,000 දක්වා වැඩි කළ ගමන්ම එතැනම රු 6,000ක වෙනසක් එනවා. පැය 50 – 60ක් අතර අතිකාල කරනවා.

එතකොට අපි පැයකට රු 210ක් ගෙවනවා. ඒකට විතරක් අපි රු 10,000ක පමණ ප්‍රමාණයක් අපි ගෙවනවා. ඒ එක්කම, සේවක අර්ථ සාධක සහ සේවක බාරකාර අරමුදල ඔක්කෝම එකතු කරාම රු 15,000කින් පමණ වර්ධනය වෙනවා. ඒක මුලික පඩියෙන් වැඩිවුණාම ව්‍යවසායකයින් ලෙස අපිට ගොඩක් අමාරුයි.”

Related posts

Iranians worried amid war talk

Mohamed Dilsad

හෙට සිට වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිකරමින් ඉදිරියටම

Mohamed Dilsad

Individual sets himself on fire near ‘Sirikotha’

Mohamed Dilsad

Leave a Comment