Trending Newsඑසැන පුවත්දේශීය

වඳුරු කතා අහන්න එපා – ඇමති නලින්ද ජයතිස්ස

වඳුරෙක් නිසා රටටම විදුලිය විසන්දි වීමේ සිදුවීම සම්බන්ධයෙන් යළි ප්‍රශ්න නොඅසන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ඉල්ලා සිටියේය.

පසුගිය දා සිදුවූ විදුලි විසන්දීවීම සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කළ විමසීමකදී ඔහු මේ බව පැවසුවේය.

‘විදුලි සැපයුම් පද්ධතියේ ඇති වී තිබෙන අසමතුලිතතාවය සම්බන්ධයෙන් මණ්ඩලය සැලකිය යුතු මැදිහත්වීමක් කරමින් ඉන්නෙ මේකට ස්ථාවර පිළිතුරක් සොයා ගැනීම සඳහා. වඳුරගෙ සිද්ධිය ඉවරයිනේ. වඳුර ගැන නිතර නිතර මතක් කරන්න එපා මෙතන. පද්ධතිය අස්ථාවරත්වයට උත්තරයක් හොයමින් ඉන්නේ අපි ඒකට පිළිතුරක් ලබා දෙනවා’

Related posts

ශෂීගේ ඇප ඉල්ලීම සළකා බැලීම කල්යයි

Mohamed Dilsad

අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර මල්ලක්

Mohamed Dilsad

විශේෂ අවස්ථා යටතේ ගුරුවරුන්ගේ විෂයන් සංශෝධනයට අවසර

Editor O

Leave a Comment