Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවක වැටුප ඉහළ දැමීමට අය-වැය යෝජනාවක්

වැටුප් ව්‍යුහය සංශෝධනය කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට රජය යෝජනා කර තිබේ. ඒ අනුව රාජ්‍ය අංශයේ අවම වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා රු 15,750කින් වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මුලික වැටුපට ඒකාබද්ධ කරන අතර රු 8,250ක ශුද්ධ වැඩිවීමක් මුලික අවම වැටුපට අදාළ සිදුකිරීමට ද යෝජනා කර තිබේ.

මීට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ වැටුප් සඳහා ද මෙය ඇතුළත් වේ.

Related posts

அமெரிக்கா வடகொரியாவுடன் நேரடி பேச்சுவார்த்தையில் ஈடுபட்டுள்ளது

Mohamed Dilsad

රජයෙන් වෘත්තීයවේදීන්ට පොරොන්දුවක්

Mohamed Dilsad

Two Reuters journalists jailed in Myanmar

Mohamed Dilsad

Leave a Comment